මොරටු නගරාධිපතිට ඇප

June 11, 2021 at 12:59 PM

 

මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

මොරටු නගරාධිපතිවරයාව රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.