පළාත් සංචරණ සීමා තවදුරටත්, මංගල උත්සව – සාද තහනම් දිගටම : අරුණ පුවත්පත වාර්තා කරයි

June 11, 2021 at 8:11 AM

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එළැඹෙන සඳුදා (14) සිට රට යළි විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමේදී පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුවයි.

රට විවෘත වුවද පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන අතර, විවාහ මංගලෝත්සව, සාද තවදුරටත් තහනම් කිරීමට මෙහිදී අවදානය යොමු වී ඇත. මේ අතර රාජ්‍ය ආයතන සඳහා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමටද මෙහි දී තීරණය කර තිබේ.

රට යලි විවෘත කිරීමට අදාළ සියලු නිර්දේශ ඇතුළුත් තොරතුරු අද දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පොලිසිය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.