ජනපති අතින් විවෘත කෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල (PHOTOS)

June 11, 2021 at 2:37 PM

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීනශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතිකවෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේසිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.

චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණුරෝහල් සංකීර්ණය අක්කර 16 භූමි ප්‍රමාණයක විහිදී තිබේ. සඳහා වැය කෙරුණු  මුදල රුපියල් කෝටි 1200ක් වන අතරඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.

වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේදැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි.

යන්ත්‍ර 100කින් සමන්විත රුධිරකාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අතිනවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණසහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ


වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්යමණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කරතිබීම විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකයනිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ.

රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය.

ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය,ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණයනිරීක්ෂණය කළා.