ඉන්ධන මිල ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි

June 11, 2021 at 3:05 PM

ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා වියදම් කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබෙන බවත් ඒ අනුව එම මිල සංශෝධනය කරන දිනය නුදුරේදිම දැනුවත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

ලෝක වෙළඳපොලේ මේ වන විට ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතත් මාස විසි එකක් පුරා ඉන්ධන මිල සංශෝධනය නොකර නොකිරීමට රජය කටයුතු කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

නමුත් රජය තවදුරටත් මේ දැවැන්ත අලාභය දරාගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්වයකට තෙල් සංස්ථාව පත්වී ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේ.