හෝමාගම අවමංගල්‍ය නිවසකින් කොවිඩ් ආසාදිතයින් 25ක්

June 10, 2021 at 10:02 AM

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ මළ ගෙදරකින් කොවිඩ් ආසාදිතයන් 25 දෙනකු හඳුනාගෙන ඇත. එම ආශ්‍රිතයන් 64 දෙනෙකු ද හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් නිරෝධායනය යොමු කර තිබේ.

මිය ගිය කාන්තාවකගේ PCR පරීක්ෂණ වාර්තාව ඒමට පෙර ඥාතීන් නිවසේ ටකරන් මඩු ඉදිකර මළගෙදරට සූදානම් වීම හේතුවෙන් මෙම පිරිස ආසාදිතයන් බවට පත් වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තහවුරු කරගෙන තිබේ.

මෙම කාන්තාව ඉකුත් 29 වැනිදා මියගොස් ඇති අතර අනතුරුව කළ PCR පරීක්ෂණයකදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම වාර්තාව ඒමට පෙර ඥාතීන් ප්‍රදේශවාසීන් සමග එක්ව මළගෙදරට සූදානම් වී ඇත. අනතුරුව ඔවුන්ට කළ PCR පරීක්ෂණවලින් මෙම පිරිස ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

( උපුටා ගැනීම : අරුණ පුවත්පත)