විශ්‍රාම වැටුප් හිමියන්ට හමුදාවෙන් බස් සේවාවක් (PHOTOS)

June 10, 2021 at 8:14 PM

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන් විශ්‍රාම වැටුප් ලාභීන්ට සිය විශ්‍රාම වැටුප ලබාගැනීම ට පවතින දුෂ්කරතාවය මගහරවා ගැනීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම මත අද (10) දින දිවයින පුරා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගනිමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් එම විශ්‍රාම වැටුප් ලාභීන්ට පහසුකම් සලසා දීම සිදු කරන ලදී.

මෙම කටයුත්ත දිවයින පුරා ආවරණය වන පරිදි අද දින යුද්ධ හමුදා භට පිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.

මේ එම අස්ථාවන් හි ජායාරූප කිහිපයක්..