තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වෙයි

June 10, 2021 at 12:18 AM

අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1910ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ දින 09ක කාලය තුලදී වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 426ක් වේ.

මේ අතර අද දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,735 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 213,396ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 180,427ක් වන අතර රට තුල සක්‍රියව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 31,126ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තා කර සිටින්නේ.