ජුනි 14 වෙනිදා සිට සංචරණ සීමා ඉවත් කිරීම ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

June 10, 2021 at 6:19 PM

සංචරණ සීමා දීර්ඝ කරන බවට පැතිර යන කට කතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ජුනි 14 වෙනිදා අලුයම 4.00 ට ඉවත් කරන තීරණය එලෙසම ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.