ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් ගණන 800ක් : ඉදිරියේදී මරණ සංඛ්‍යාව තවත් ඉහළ යන බවට GMOA අනතුරු අඟවයි

June 10, 2021 at 5:55 PM

ඉදිරියේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දිනෙන් දින මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය මත යැපෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන පසුබිමක ක්‍රමයෙන් මරණ වාර්තා වීමේ අගය ඉහළ යාමේ ප්‍රවනතාවයක් ඇති බවයි.

” මේ වෙන කොට අපේ රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව මෙය ක්‍රමිකව ඉහළ යාමක්. මැයි මාසයේදී දකුණු ආසියානු කලාපයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් ආසාදිතයින් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටියේ. සාමාන්‍යයෙන් ගත් විට එය 400% ක ඉහළ යාමක් ලෙසයි දැක්වුණා.

අප මේ සම්බන්ධයෙන් පසුගිය මැයි මාසය ආරම්භයත් සමග කියා සිටියා ලංකාවේ මරණ සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන් කියලා කොවිඩ් වසංගත තත්ත්වය නිසා. දැන් එය ඇත්ත වෙලා තිබෙනවා.

ඒ වගේම මෙරට කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් වාර්තාකර සිටියා. එහිදී වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව දෛනිකව මරණ සංඛ්‍යාව 26ක අගයක් ලෙස පෙන්නුම් කලත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබෙන කොවිඩ් දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථානය විසින් සඳහන් කර සිටියේ දෛනික මරණ සංඛ්‍යාව 38ක් ලෙස දක්වෙනවා කියා. නමුත් මේ වන විට පසුගිය මාසයේ පෙන්වූ කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා අද වන විට මරණ වාර්තා වෙමින් තිබෙනවා.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු කියා සිටියා.