ඇමති බන්දුල ගෙන් සතොස හරහා වසවිස නැති සබන්

June 10, 2021 at 10:29 PM

ප්‍රමිතියෙන් යුත් රෙදි සෝදන සහ ඇඟ ගල්වන සබන් සහන මිලට සතොසෙන් ලබාගත හැකි යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රෙදි සෝදන සබන් හා ඇඟ ගල්වන සබන් අද දින සිට සතොසෙන් රුපියල් 40 කට මිලදී ගත හැකි බවත් සම්මත ප්‍රමිතිය නොමැති සබන් නොවන සේදුම්කාරක කැට පහක් රුපියල් 80 කට සතොසෙන් මිලදී ගැනීමේ හැකියාව ඇති බවත් වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

බහුජාතික සමාගම් හරහා ශ්‍රී ලංකාවේ අළෙවි කරන ග්‍රෑම් 115 රෙදි සෝදන සබන් කැටයක සිල්ලර මිල රුපියල් 50 ක් වන අතර දේශීය සහ විදේශීය ග්‍රෑම් 110 ඇඟ ගල්වන සබන් කැටයක් රුපියල් 59 සිට රුපියල් 78 දක්වා සිල්ලර මිලකට වෙළෙදපොලේ විකිණීමට තබා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වෙළෙඳ අමාත්‍යාංශය වශයෙන් අපි මෙරට පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පහතට ගෙන එමින් පවත්වා ගැනීමේ වැඩසටහනක නිරත වෙනවා. එහි ප්‍රධාන අරමුණ තමයි ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කරමින්, වෙළෙඳපොලේ පවත්නා මිළට වඩා අඩු මිළට එනම්, නොවෙනස්ව පවත්නා මිළක් යටතේ සතොස අලෙවිසැල් ජාලය හරහා භාණ්ඩ බෙදා හැරීම. එහිදී අපි ස්වදේශික නිෂ්පාදකයින් සමඟ ඉදිරි විනිමය ගිවිසුම් සඳහා එළඹෙමින්, වඩා විශ්වාසවන්ත ගුණත්වයෙන් ඉහළ භාණ්ඩයක් පාරිභෝගිකයාට සැපයීම හා ස්වජාතික නිෂ්පාදකයින්ට මෙරට වෙළෙඳපොල තුළ වැඩි ඉඩක් ලබා දීම යන අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරනවා. මෙතුළින්, ඕනෑම වෙළෙඳපොලක තාර්කික පාරිභෝගිකයෙක් ඇති වී, පිරිමැසුම්දායක දිවි පෙවෙතක් තුළින් ජීවන වියදම අඩු කරගැනීමේ හැකියාව පවතින පාරිභෝගිකයෙකු බිහි වනවා.” යැයි සඳහන් කර සිටියා.

 

May be an image of standing and indoor

May be an image of 3 people and indoor