15 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ සැකකරුවෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

June 9, 2021 at 1:01 PM

වයස අවුරුදු 15 ක දැරියක් මුදලට ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන 35 හැවිරිදි පුද්ගලයෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මාස 03 ක කාලයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණයන් සිදුකරමින් මෙම දැරියව තෙවන පාර්ශවයන් සඳහා මුදලට අලෙවි කොට ඇති බවයි මුලික කරුණු අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙම පුද්ගලයා විසින් ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක අදාළ දැරිය තබාගෙන මෙම ජාවාරම සිදුකර තිබෙන බවයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවේ පසුවන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු අද දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙම තැරැව්කරුවන් ගෙන් අදාළ දැරිය මුදලට ගත් පිරිස් සම්බන්ධයෙන් ද විමර්ශනය සිදුකරනා බවයි.