කොවිඩ් මරණ 28%කින් ඉහළ ගිහින් – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

June 9, 2021 at 8:37 PM

ජූනි මස 14 වන දින තෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් ව ඉදිරියේ දී රට තුළ සංචරණ සීමා තවදුරටත් පවත්වන්නේ ද යන තීරණය රජය විසින් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා.

අද (09) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය එම අදහස් පළ කර සිටියා.

කෙසේවෙතත් පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් හා කොවිඩ් මරණවල සියයට 28ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි මෙහිදී අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

“ලොක්ඩවුන් කරාට ඊට කලින් කාලයේ දී විෂබීජ ඇතුළු වී ඇත්නම් දින 14ක කාලයක් පුරා එය බෝවීමට හැකියාව තිබෙනවා. ඒ රෝගීන් තමයි දැන් වාර්තාවෙන්නේ. තාම රට වහලා සති දෙකයි. තව සතියකින් විතර අපි බලමු තව ටිකක්.“ වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.