පාට 12 ස්ටිකර් යළි ඇලවීමක් නෑ..හේතුව මෙන්න

June 9, 2021 at 11:38 AM

කොළඹට ඇතුළුවන අත්‍යවශ්‍ය සේවා වාහන සඳහා වර්ණ 12කින් යුත් ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුවත් එය අද සිට ක්‍රියාත්මක නොවීය.

මීට හේතුව පැහැදිලි කරමින් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ දිනයේදීම අත්‍යවශ්‍ය සේවා වාහන 80%ක් පමණ ස්ටිකර් ඇලවූ බවයි.

එම නිසා බාධාවකින්  තොරව එම වාහන වලට ගමන් කිරීමට අවස්ථාව ඇති බැවින් තවදුරටත් ස්ටිකර් වෙනත් එවැනි වාහන වලට ඇලවීමක් නොකෙරෙන බව ඔහු පවසයි.

ඊයේ ස්ටිකර් නොඇලවූ වාහන අහඹු ලෙස පරීක්ෂාවට ලක් වන අතර ස්ටිකර් ඇලවූ වාහන ද එලෙස පරීක්ෂා කෙරේ .

එමනිසා අදාල ලියකියවිලි තමන් සතුව තබා ගැනීම ස්ටිකර් ඇලවූ වාහන සහ වෙනත් වාහන වලට පොදු කොන්දේසියක් වේ.