සංචරණ සීමා මැද තවත් උපන්දින සාදයක් (VIDEO)

June 9, 2021 at 2:56 PM

සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදි කාන්තාවන් 5දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (09) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.