පිටකොටුවේ, සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

June 9, 2021 at 8:02 AM

පිටකොටුව, වේල්ල වීදියේ, මධ්‍යම පාර ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.අද (09) අලුයම ගින්න හටගෙන තිබෙන්නේ ගොඩනැගිල්ලලේ සිව්වැනි මහලේ බවයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නනට ඇතැයි සැක පළ කරන බවයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්න මේ වනවිට මැඩ පවත්වා ඇති අතර ඒ් සඳහා ගිනි නිවීම් සේවා රථ 05ක් යෙදවූ බව ද කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.