ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

June 9, 2021 at 11:21 AM

ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 602ක් හඳුනා ගෙන ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 113ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී කුරුණෑගල ආසාදිතයින් 270ක්, නුවරඑළිය 119ක්, රත්නපුර 119ක් හා මඩකලපුවෙන් 222ක් ලෙස වාර්තා වු බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

විදේශ ගතව පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

No description available.

No description available.

 

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.