කොළඹ ජාතික රෝහලේ ඖෂධ නිකුත් කිරීම තැපෑලෙන්

June 8, 2021 at 6:33 PM

කොළඹ ජාතික රෝහලේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.

එම සායන වලින් ඖෂධ තැපෑලෙන් ගෙන්වා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයන්ට සහ වට්ස්ඇප් අංක වලට අමතන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කාරුණිකව මහජනතාවට දන්වා සිටිනවා.