වරායෙන් නිදහස් නොකර ගන්නා සහ රාජසන්තක කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය “සතොසට”

June 8, 2021 at 10:23 AM

වරායෙන් නිදහස් කරගනු නොලබන සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගිඟයකින් තොරව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලේ ප්‍රකාශ කර සිටියේ.