ලොවපුරා මාධ්‍ය වෙබ් අඩවි රැසක බිඳ වැටීමක්

June 8, 2021 at 4:19 PM

ලොවපුරා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක වෙබ් අඩවි අක්‍රියවී ඇති බවට වාර්තා වනවා.

Guardian, Financial Times, Independent සහ New York Times ඇතුළු වෙබ් අඩවි මෙලෙස අක්‍රිය තත්ත්වයට පත්ව තිබෙනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යය රජයේ gov.uk වෙබ් අඩවිය ද අක්‍රියවී තිබෙනවා.

මෙලෙස අක්‍රිය වී තිබෙන වෙබ් අඩවිවල “Error 503 service Unavailable” යන නිවේදනය දැක්වෙනවා.