මෙල්බර්න් නගරයේ ව්‍යාප්ත වන කොවිඩ් රැල්ලේ ආරම්භය ලාංකිකයෙකුගෙන් සිදුව ඇතැයි හෙළිවෙයි

June 8, 2021 at 11:50 AM

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ව්‍යාප්ත වන කොවිඩ් පොකුරේ ආරම්භය ලාංකිකයෙකුගෙන් සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ 9News වාර්තා කරන පරිදි එරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය (ඉන්දීය කොවිඩ් ප්‍රභේදය) ආසාදනය වී ඇති බවයි.

වැඩබලන අග්‍රාමාත්‍ය ජේම්ස් මර්ලීනෝ සඳහන් කරන පරිදි මෙල්බර්න් හි ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ජානමය අනුක්‍රමණය එරටට පැමිණ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකුට බවයි.

එරට සෞඛ්‍ය අංශ විසින් සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ඉකුත් මැයි මස 08 වෙනිදා ශ්‍රී ලංකාවේ සිට පැමිණි පුද්ගලයෙකු එදිනම කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බවයි.

උතුරු මෙල්බර්න් ප්‍රාථමික පාසැල සමග සබඳතා ඇති බවට වාර්තා වන බටහිර මෙල්බර්න්හි පදිංචි පවුල් දෙකෙන් දෙවැන්නාට සමාන ගැලපීමක් ඇති ජානමය අනුක්‍රමණයෙන් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ සිට පැමිණි පුද්ගලයා සහ මෙම පවුල් අතර කිසියම් සම්බන්ධයක් ඇත්ද යන්න සොයා බැලීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන බවයි වැඩබලන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

වෛරසය සම්ප්‍රේෂණ සිදුවීම් සිදුවී ඇත්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව පැවසූ වැඩබලන අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් දැඩිව විමර්ශනය සිදුකරනු ලබන බවයි සඳහන් කර සිටියේ.