මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

June 8, 2021 at 3:34 PM

පොලිසිය භාර අමාත්‍යවරයා ලෙසට තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය මගින් පලවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර සිටියා.

නිරෝධායන රීති කඩ කරමින් පැවැත්වූ උපන්දින සාදයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමේදී ඔවුන් රැගෙන ගිය බස් රථය යලි හරවා ගෙන එන ලෙසට උපදෙස් දුන් බවට පලවන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයෙකු වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනු ලබන සිය පුත්‍රයාගේ විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් පලවූ පුවතද සම්පුර්ණයෙන් අසත්‍ය බව පැවසූ අමාත්‍යවරයා සමාජ මාධ්‍ය තුල අසත්‍ය සහ අභූත චෝදනා පැතිරූ පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය නෛතිමය පියවර ගන්නා බව කියා සිටියා.

එමෙන්ම තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා සිදුකළ මාධ්‍යවේදියාට සහ අනෙක් සියලු දෙනාට තමන් අනුකම්පා කරනු ලබන බව පැවසූ අමාත්‍යවරයා තමන්ට එරෙහිව නැගී සිටින්නේ පාතාල සංවිධාන, IS සංවිධානය නොවන බවත් මෙරටේම සිටින පිරිසක් බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.