බර අඩු ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් සමාගම්වලට එරෙහිව නඩු පවරනවා – වෙළෙඳ ඇමති

June 8, 2021 at 4:06 PM

ගෑස් සිලින්ඩරයක නියමිත බර අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අද සඳහන් කර සිටියා.

මෙම කරුණ සම්බන්ධයෙන් මේ වන විටත් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියා.