අධිකරණයට අපහාස කිරිම සහ නිරෝධායන රීති කඩ කළ බවට චෝදනා කරමින් චමුදිතට එරෙහිව පැමිණිලි ගොනු කරයි

June 8, 2021 at 8:40 PM

මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝණය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ නීතිඥවරයා වන මංජු ශ්‍රී චන්ද්‍රසේන Newswire වෙබ් අඩවිය වෙත සඳහන් කළේ සිය සේවාදායකයාගේ උපන්දින උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ට සහ තමන්ට අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

” අප මේ සම්බන්ධයෙන් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ සම්බන්ධයන් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නවා” යැයි නීතිඥවරයා සඳහන් කර සිටියා.

මේ අතර මුව ආවරණ නොමැතිව සහ සමාජ දුරස්ථභාවය තබා නොගනිමින් යුටියුබ් සමාජ මාධ්‍යයේ සම්මුඛ සාකච්ජාවකට එක්වීම සම්බන්ධයෙන් ද චමුදිත සමරවික්‍රමට එරෙහිව චන්දිමාල් ජයසිංහ විසින් තවත් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.