කිලෝමීටර් 2ක ශරීර යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දුන් ක්‍රීඩකයින් 05 දෙනා ඉන් සමත් වෙති

June 4, 2021 at 10:09 AM

එංගලන්ත තරගාවලිය සඳහා කිලෝමීටර් 02ක දුර දිවීමේ ශරීර යෝග්‍යතා පරීක්ෂණය සඳහා මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් 05 දෙනා ඉන් සමත්වී තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් 05 දෙනා අතර බංග්ලාදේශයේ දී පැවති ශරීර යෝග්‍යතා මැන බැලීමේ අවස්ථාවේදී ඉන් අසමත්වූ ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා ද වන අතර අතර, ඔවුන්ට තවත් අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

අද පවත්වන ලද යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වූ අනෙක් ක්‍රීඩකයින් තිදෙනා වන්නේ ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න සහ නුවන් ප්‍රදීප්ය.

එංගලන්තයට එරෙහි තරග සංචාරය සඳහා විස්සයි 20 සහ එක්දින තරග සංචාරය සඳහා 24 දෙනෙකු ගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.