මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සිය අසමසම ස්වර්ණාභරණ එකතුවෙන් WEB STORE Bonanza සහ තිලිණපත් පිරිනමයි !

June 1, 2021 at 12:32 PM

කලින් කලට වෙනස් වන මෝස්තර සහ පාරිභෝගික රැචිකත්වය අනුව අසමසම ස්වර්ණාභරණ පෙළක් ඔබට තිලිණ කරන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් දශක පහකට වැඩි කාලයක සිට සිය සාඩම්බර උරුමය වඩා හොදින් රැකගනිමින් සිටින්නේ මෙරට ස්වර්ණාභරණ නිෂ්පාදනයේ පුරෝගාමියෙකු බවට පත් වෙමින්. සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් විශ්වසනීය ගණුදෙණුකරුවන්ට මෙන්ම අලූතින් එක්වන පාරිභෝගියන්ට සිය ස්වර්ණාභරණ සිහිනය සැබැ කරගැනීමට WEB STORE තුළින් අලූත්ම ප‍්‍රවර්ධන වැඩසටහනක් තුළින් ඔබ හමුවට පැමිණෙයි.ඒ සමඟම E- තිළිණපත් E GIFT VOCHER ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ පහසුකමද සලසා ඇත.

WEB STORE Bonanza ප‍්‍රවර්ධන වැඩ සටහන තුළින් ඔබට ආරක්ෂිත සහ පහසුමිලදී ගැනීමේ අත්දැකීමක් ලබා දෙන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සිය WEB STOREහි ඇතුළත් මුදු,පෙන්ඩන්ට්,කරාබු,බ්‍රේස්ලට්ස්,වළලූ සහ මාල ඇතුළු සියලූම ස්වර්ණාභරණ සඳහා 10‍%ක වට්ටමක් ලබා දීමටත් දැන් සුදානම්. සීමිත  කාලයක් සඳහා පමණක් මෙම විශේෂ වට්ටම් වලංගු වන අතර www.mallikahemachandra.com වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ආකර්ෂණිය ස්වර්ණාභරණ එකතුව හා සම්බන්ධ විය හැකිය. කොළඔ 01 සිට 15 දක්වා කලාපය තුල නොමිලේ බෙදා හැරීම  සිදුකෙරෙන අතර, ඔබට ලගම මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ශාඛාව වෙත ඔබගේ ස්වර්ණාභරණ ගෙන්වා ගැනීමේ හැකියාවද ඇති බව දැනුම් දෙන්නේ සතුටින්. මෙම පහසුකම ලබා දෙනු ලබන්නේ රටේ පවතින සංචරණ සීමා ඉවත් වු පසුව බව අප පාරිභෝගිකයින්ට කරුණාවෙන් දැනුම් දෙමු.

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් WEB STORE ශ‍්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ආයතනයක් සඳහාම වෙන්වු Shopping cart එකක් සමග හඳුන්වා දුන් පළමු වෙබ් අත්දැකීම වන අතර එය සියලූම ආකාරයේ ස්වර්ණාභරණ අවශ්‍යතා සඳහා එකම අන්තර්ජාල ගමනාත්තයි. මෙය ආරක්ෂිත සහ පහසු අන්තර්ජාල ස්වර්ණාභරණ සාප්පු සවාරි අත්දැකීමක් ඔබට ලබාදෙනු ඇත. දැන් ඔබට ඒ හරහා E GIFT VOCHER ලබා ගැනීමේ හැකියාවද තිබෙනවා. මෙම VOCHERS ඔබගේ ආදරණියයින්ට තෑගි දීම පහසු කරවන අතර ඔබගේ කැමැත්ත පරිදි විවිධ වටිනාකම් වලින් තෝරා ගැනීමේ නිදහස ද ලබා දෙනවා. මෙයට අමතරව හෝර්ටන් පෙදෙස – කොළඔ 07, නුගේගොඩ, කැන්ඩි සිටි සෙන්ටර් – නුවර, ලිබර්ටි ප්ලාසා කොළඔ 03, K – Zone – ජා ඇල, වෝර්ඩ් සිටි – ගම්පහ වෙතින් විවිධ මිල ගණන් යටතේ මෙම තිලිණපත් ද ඔබට ලබා ගත හැකියි. නිවසේම සිට GIFT VOCHERS ඇණවුම් කිරිමටත් ඔබ කැමැති ශාඛාවකට ගොස් එය ලබා ගැනීමටත් ඔබට අවස්ථාව හිමිවෙනවා.

අතිවිශිෂ්ඨ හා මනාව සැකසු ස්වර්ණාභරණ වෙළඳ පොළට විවර කරන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වටිනා දියමන්ති,විශේෂිත මැණික් ආභරණ මෙන් කැරට් 22 සහ කැරට් 18 රන් ආභරණ රැසක් ඔබට තිලිණ කරනවා.1968 දී ඇරඹි මෙම ශ‍්‍රි ලාංකීක ස්වර්ණාභරණ සන්නාමය අසමසම ගුණාත්මක ප‍්‍රමිතීන් සුවිශේෂී මෝස්තර පාරිභෝගික විශ්වාසය සහ ස්වර්ණාභරණ ප‍්‍රවර්ධකකරුවෙකු ලෙස වසර 50 ක කාලයක සිට අඛණ්ඩව සිය සේවා ලබා දෙනවා. දශක ගණනාවක සිට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් නාමය ස්වර්ණාභරණ සඳහා පුරෝගාමි නාමයක් බවට පත්ව තිබෙන්නේ සැමවිටම විශ්වාසනීය බව ද තවදුරටත් තහවුරු කරමින්. අපගේ WEB STORE Bonanza සහ තිලිණපත් වාසි අත්විඳීමට දැන්ම www.mallikahemachandra.com වෙබ් අඩවියට පිවිසෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න – 0112688531 /0112677537