ජේෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරිම ගැන ඩිල්ශාන් සහ සනත් නොසතුටින් (VIDEO)

May 30, 2021 at 8:39 PM

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ජේෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීමට තේරීම් කමිටුව විසින් ගනු ලැබූ තීරණය සුදුසු නොවන බව හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්  ප්‍රකාශ කර සිටිනවා.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත පසුබිමක කණ්ඩායමේ සිටින සියලුම ක්‍රීඩකයින් ඉවත් කර නවක කණ්ඩායමක් ක්‍රීඩා කිරිමට අවස්ථාව ලබාදීම සුදුසු නොවන බවයි ඩිල්ශාන් සඳහන් කර සිටින්නේ.

කණ්ඩායමේ සමබරතාවය තබා ගැනීම සඳහා අවම වශයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු තිරිමාන්න වැනි ජේෂ්ඨයෙක් කණ්ඩායමේ සිටිය යුතු බවයි ඩිල්ශාන් අදහස් කර සිටින්නේ.

හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් මෙම අදහස් පළකර සිටියේ සනත් ජයසුරිය, රසල් ආර්නෝල්ඩ් සමග පැවති “Late Night Chat show” සම්මුඛ සාකච්ජාවේදීය.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ තවත් හිටපු නායකයෙක් වන සනත් ජයසුරිය කියා සිටියේ මෙවැනි හදිසි වෙනස් කිරීම් මගින් කණ්ඩායමේ ක්‍රීඩා කුසලතාවයන්ට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.