ශ්‍රී ලංකා – බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ක්‍රිකට් තරගයක්

May 29, 2021 at 7:21 PM

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සහ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ කථානායක ශ්‍රීමත් Lindsay Hoyle අතර හමුවක් ඉකුත් 24 වෙනිදා පැවැත්වුණා.

ශතවර්ෂ ගණනාවකට පෙර ශ්‍රී ලංකාව – එක්සත් රාජධානියේ ඉතිහාසය ගැන සඳහන් කරමින්, වෙළඳ, ආයෝජන, සංචාරක, ජනතාව අතර සම්බන්ධතා, අධ්‍යාපනය සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන්ගේ සහයෝගය වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරුණා.

මේ අතර දෙරටේ සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ද මෙහිදී සාකච්ජාවට බඳුන්වූ අතර, එහිදී ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු කථානායකවරයා ඊට එකඟතාවය පළකර සිටිය බවයි බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ.