ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොරෝනා බවට සැකයක්

May 23, 2021 at 9:40 AM

බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක මතුවී තිබෙනවා.

මීට පෙර පැවති තෙවන PCR පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සමත් වී ඇති පසුබිමකයි ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකු කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වීම ඊට හේතුවයි.

කෙසේ වුවත් මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ සහ පුහුණුකරුගේ තවත් PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි ප්‍රථිපල අද උදෑසන 10.30 ට ලැබීමට නියමිත බවයි නිව්ස්වයර් වෙත ශ්‍රී ලංකා කණ්ඩායමේ බලධාරියෙක් තහවුරු කර සිටියේ.

දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු 12:30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.