මහනුවරට ස්පුට්නික්.. කුරුණෑගල,රත්නපුර,ගාල්ල සහ මාතරට සයිනොෆාම් . මෙරට එන්නත්කරණ වැඩපිලිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය .

May 22, 2021 at 10:43 AM

මෙරට එන්නත්කරණය යටතේ ඉදිරි සති දෙක තුළ ස්පුට්නික් එන්නත් මාත්‍රා 65000ක් ලැබීමට නියමිත බව යුදහමුදාපතිවරයා පවසයි.

අද උදෑසන රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ එම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ ස්පුට්නික් පළමු මාත්‍රාව ලබාගත් 15000දෙනාගේ දෙවන මාත්‍රාව සඳහා යොදාගන්නා බවයි.

ඉතිරි එන්නත් මාත්‍රා 50,000 මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කිරීමට යොදාගැනෙනු ඇති.

 

එමෙන්ම සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ලබන අඟහරුවාදා මෙරටට ලැබේ.

එමගින් මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කළ 595000ට දෙවන මාත්‍රාව සඳහා ඒවා ලබා දෙනු ඇත.

මීට අමතරව ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක සඳහාද සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් ලබාදීමට වෙන් කෙරේ.

ඉතිරි මාත්‍රා ප්‍රමාණයක් කුරුණෑගල ,රත්නපුර සග ගාල්ල මාතර දිස්ත්‍රික්ක සඳහා යොමුකෙරෙනු ඇති බව යුදහමුදාපතිවරයා පැවසීය.

සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 30ක් ලබන ජූනි මාසයේ දී ලැබෙන අතර

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 13ක් පමණ මෙරටට මේ වන විට ඇණවුම් කර තිබේ.