දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන වාර්තා වෙයි

May 19, 2021 at 10:32 PM

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වුවා. ඒ ආසාදිතයින් 3,623ක් ලෙසින්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 151,343ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 122,367ක් වනවා. මේ වන විට සක්‍රියව පවතින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,925ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.