“ප්‍රතිශක්තිය වඩවා වෛරසයන්ගෙන් ආරක්‍ෂා කිරීමට කළුදුරු තෙල් වලටප්‍රභල හැකියාවක් ඇත”- ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා

May 18, 2021 at 5:33 PM

දිනෙන් දින ආසාදිතයන් වැඩි කරමින්, මරණ සංඛයාව ඉහළ යවමින් ජනතාවවෙත තෙවැනි වරටත් බලපෑම් කරන කොවිඩ්19  වෛරසය මෙවරවැඩිහිටියන්ට මෙන්ම තරුණ සහ  මැදිවියේ පුද්ගලයන්ටද වැළදීමේ විශාලප්රවණතාවක් දක්නට ඇත.

වෛරසයේ විවිධ ප්‍රභේදයන්ද වෛරස් ව්‍යාප්තිය තුළ දක්නට ලැබෙන අතර ශ්වසන පද්ධතියට සිදු කරන බලපෑමද වර්ධනය වී ඇත.

මෙවැනි වටපිටාවක් තුළ මෙම මාරාන්තික වෛරසයන්ගෙන්ආරක්ෂා වීමට අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත් බවවර්ධනය කර ගත යුතු බව මේ වන විට අප කවුරුත් දන්නා කරුණකි.

කොවිඩ් – 19 වෛරසයට වැට බැඳීම සඳහා එන්නත් කරන වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ දියත් කරමින් සිටින අතර දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිශක්තය වඩවන ඖෂධීය ගුණයන් ගෙන් යුත් විවිධ ඔසු වර්ගභාවිතයට අප විශාල වශයෙන් නැඹුරු වී ඇත.

එවැනි පසුබිමක් තුළ ලෝකයේමේ වන විට විශාල වශයෙන් කතා බහට ලක් වී ඇති ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුළ යොදා ගන්නා ප්‍රතිශක්තිය වඩවන ඔසුවක් ලෙස කළුදුරු තෙල්සඳහන් කළ හැකිය. වර්තමානයේද විද්‍යාත්මක පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරුවළ ඇති ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව තහවුරු කර ඇත.

වසර 3000ක් තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු වර්තමානයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකටආයුර්වේද සහ යුනානි සෞඛ්‍ය ක්‍රමය තුළ භාවිතයට ගනී.

විශේෂයෙන් මෙහිදී අවධාරණය කළ යුත්තේ ශ්වසන පද්ධතිය ආශ්රිතව ඇතිවන සෙම්රෝග, කැස්ස, ඇදුම වැනි රෝගවලින් ආරක්ෂා කර ඒවා පාලනය කිරීමටමෙම කළුදුරු තෙල්වලට විශාල හැකියාවක් ඇත.

කළුදුරුවල අන්තර්ගත ප්රධාන සක්‍රීය සංඝටකය වනThymoquinone මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු කරනබව ලෝකයේ පිළිගත් විශ්ව විද්‍යාල රැසක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වීඇත. මේ සංඝටකය මගින් රුධිරයේ ඇති සුදු රුධිරාණු  හා එහි ප්‍රබලත්වය ඉහළ නංවන අතර ශරීරයට ඇතුළු වන බැක්ටීරියා සහ වෛරස් වැනි විෂබීජවලට එරෙහිව සටන් කරයි.

නිසා මාරාන්තිකවෛරසයන්ගෙන් ඔබව ආරක්ෂා කිරීමට කළුදුරු තෙල් සතුව විශාලහැකියාවක් ඇත. සොබා දහමින් එල්ල වුණු මේ වෛරස අභියෝගයටකළුදුරු තෙල් තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක් පමණ මී පැණි ස්වල්පයක්සමග කලවම් කර උදෑසන කෑමට පසු දිනපතා පානය කළහොත් ඔබටත්සෞඛ්යමත් ජීවිතයකට උරුමකම් කියන්නට හැකිය.