කුමාර් ධර්මසේන විසින් තේරූ හොඳම ක්‍රීඩකයින් 11 දෙනාගේ කණ්ඩායම

May 17, 2021 at 7:55 PM

2009 වර්ෂයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලබන කුමාර් ධර්මසේන මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨම ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබනෙවා.

1993 වර්ෂයේ සිට 2004 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබූ කුමාර් ධර්මසේන, 2009 වර්ෂයේදී පළමු වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරගයක් විනිශ්චය කරමින් විනිසුරුවරයෙකු ලෙස සිය විනිසුරු දිවිය ආරම්භ කරනු ලැබුවා.

කුමාර් ධර්මසේන නම් කළ ඔහුගේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් 11 දෙනා ගෙන් යුත් කණ්ඩායම පහතින් දැක්වේ :

ආරම්භක පිතිකරුවන් : මැතිව් හෙයිඩ්න් සහ සනත් ජයසුරිය

03 වන පිතිකරු : රිකි පොන්ටින්

මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් : සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, කුමාර් සංගක්කාර සහ ජැක් කලිස්

පන්දු යවන්නන් : වසීම් අක්‍රම්, මුත්තයියා මුරලිදරන් ෂේන් වොන් සහ ගලෙන් මැක්ග්‍රාත්