කුසල්ට නායකත්වය ලබාදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියූ දේ (VIDEO)

May 16, 2021 at 3:30 PM

කුසල් ජනති පෙරේරා කණ්ඩායමේ නායකයා ලෙස තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පෞද්ගලික රූපවාහිනි වැඩසටහනක් සමගින් කරුණු පැහැදිලි කර සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ කුසල් පෙරේරා හට එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදුන්නේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව බවයි.

” අපි පළමුව බැලුවා නායකත්වය ලබාදිය හැකි ක්‍රීඩකයින් කවුරුන්ද කියා. පසුව අපි ඔවුන් යටතේ විවිධ කණ්ඩායම් සෑදුවා. එතැනදී අපි බැලුවේ නායකත්වය සඳහා නම් කරනු ලබන ක්‍රීඩකයාට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිවෙනවද කියලා. ඒ වගේම ඔහුගේ නායකත්ව ගුණාංග තිබෙනවද කියා අපි සොයා බැලුවා. ඒ අනුවයි කුසල් පෙරේරාට නායකත්වය ලබාදෙන්න තීරණය කලේ.

කුසල් පෙරේරා ඇතුළු නවකයින් අපි සුදානම් කරන්නේ 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගෙන. අනිත් එක කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින්ට අපි කතා කළා. ඒ අයට කණ්ඩායමේ ස්ථානය අහිමි කරලා නැහැ. ඒ අයට පුළුවන් ඕනෑම මොහොතක තමන්ගේ දක්ෂතා පෙන්නලා කණ්ඩායමට එන්න.

අනිත් එක කුසලට නායකත්වය දුන්නේ තරග සංචාර දෙකකට. මම කිව්වා ඔහුට මෙම තරග සංචාර දෙකේදී ඔහු නායකයෙකු ලෙස හරි දේ ඉටුකරලා පෙන්වන්න කියලා. නැත්නම් අපිට තව සලකා බලන්න ක්‍රීඩකයින් ඉන්නවා. ඒ වගේම අපිට ඒකට අවශ්‍ය වෙලාව තියෙනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා කියා සිටියා.

VIDEO :

https://fb.watch/5wFGD5lE2J/