පස් කන්දකට යටවී පුද්ගලයෙකු ජිවිතක්ෂයට (PHOTOS)

May 14, 2021 at 9:40 AM

වරකාපොළ, ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් හේතුවෙන් පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කරනු ලැබුවා.

පස්කන්දට සිර වී සිටි එක් අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත් ව සිටි අතර එම ස්ථානයේම පස් අතර සිරවී සිටි මිය ගිය පුද්ගලයාගේ මව මුදාගෙන වරකාපොළ රෝහළට ඇතුළත් කිරිමට යුද හමුදාව පියවර ගනු ලැබුවා.