මුහුණු පොතේ අමුතු සංගමයක් ගැන ගිණුමක් පවත්වාගෙන ගිය ගුවන් හමුදා සෙබලෙකු රිමාන්ඩ් – දිවයින පුවත්පත වාර්තා කරයි

May 14, 2021 at 10:03 AM

බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ ඡායාරූප පළ කර ඊට වදන් එක් කළ බව කියන 25 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියමකර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ බදුරලිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

කාන්තාවන් විශාල පිරිසකගේ ඡායාරූප මීට එක්කර ඇති අතර ඒවා සමග ඉතාමත් අසභ්‍ය වදන් පළකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ පිළිබඳව ලැබී තිබුණු පැමිණිලි අනුව කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා කි‍්‍රයාකරුවක වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ කරුණු මතය.

මොහු ඒ සඳහා යොදාගත් ජංගම දුරකථන ආදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
.