රුවන්වැල්ලේ ගංවතුරට කොටුවූ පිරිසක් මුදා ගත් මෙහෙයුම (PHOTOS)

May 14, 2021 at 9:11 AM

ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් සමග කොටුවූ කුඩා දරුවන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් පිරිසක් යුද හමුදාව විසින් අද අලුයම සිදුකළ මෙහෙයුමකින් මුදා ගෙන තිබෙනවා.

අද අලුයම 3.00 ට පමණ මෙම මුදා ගැනීමේ මෙහෙයුම කෑගල්ලේ පිහිටි යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම මුදා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ඇතිව තිබෙන ආපදා තත්ත්වයට මුහුණ පා සිටින ජනතාවට යුද හමුදාව උපකාර කිරිමට ඉදිරිපත් වී සිටියේ මේ අයුරින්..