ගතවූ දිනයේ මෙරට වැඩිම ආසාදිතයින් පිලියන්දලින්. අලුත්ම සංඛ්‍යා සටහන අනාවරණය කරයි

May 13, 2021 at 10:57 AM

ගතවූ පැය 24තුළ ආසාදිතයින් 2429ක් වාර්තා වීඇත.

ඉන් වැඩිම පිරිසක්  කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර ආසාදිතයින් 413කි.

කොළඹ ආසාදිතයින් වැඩිම ප්‍රදේශය පිලියන්දල වන අතර 146ක් එම ප්‍රදේශයේ වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල ආසාදිතයින් පහළ සංඛ්‍යාවක් සිටීමත් විශේෂත්වයකි .

ඒ අනුව වැඩිම දෙවැනි පිරිස සිටින්නේ  නාරාහේන්පිට වන අතර එම සංඛ්‍යාව 24කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ 332ක් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ බියගම 87ක් ,කටුනායක  39ක් ද වශයෙනි.

සෙසු ප්‍රදේශ වලින් ඊට අඩු පිරිසක් වාර්තාවී ඇත.

පානදුර දකුණ 88, හොරණ 74 ලෙස කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන ප්‍රදේශ සටහන් වේ.කලුතර සමස්තය 370කි.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ආසාදිතයින් වාර්තා වීම ඉතා පහළ වේ.

දෙහිඅත්තකණ්ඩිය සහ වැලිගමින් ආසාදිතයින් 52බැගින් වාර්තා වී ඇති අතර අනෙකුත් ප්‍රදේශවල ආසාදිතයින් වාර්තා වීම ඊට අඩුය.