ගංවතුර අවදානමක් ගැන අනතුරු අඟවයි

May 13, 2021 at 5:39 PM

කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලමින් පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ සහ කුඩා ගඟ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ඊට අමතරව කළු ගඟ ද්‍රෝණියේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව සමග අද රාත්‍රියේ හෝ හෙට දිනයේදී බුලත්සිංහල, පාරින්ද නුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහත් බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.