රෝග ලක්ෂණ නැත්නම් නිවසේ නිරෝධායනය ට පියවර -අමාත්‍ය ප්‍රනාන්දුපුල්ලේ

May 13, 2021 at 9:35 AM

PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් පුද්ගලයින් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ යම් ප්‍රමාදයක් ඇතැයි කොවිඩ් පාලනය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

“විශේෂයෙන් ගර්භණී මාතාවන්, නිධන්ගත රෝග පවතින පුද්ගලයින් සහ වයෝවෘධ පුද්ගලයින් සම්බන්ධයෙන්  ප්‍රමුඛතාව ලබා දීමට සිදුවන නිසා මෙම ප්‍රමාදය සිදුවිය හැකියි”

අමාත්‍යවරිය පැවසුවේ පවතින පහසුකම් ද සීමා සහිත වන පසුබිමක සුළු රෝග ලක්ෂණ පෙන්වන ආසාදිත පුද්ගලයින් සඳහා විශේෂ වැඩපිලිවෙලක් ලබන සතියේ හඳුන්වා දෙන බවයි.

ඒ අනුව ඇමතුම් මධ්‍යස්ථානයක් හරහා එම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිරතුරුව විමර්ශනය කිරීමට නියමිතව ඇත.

රෝගලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් නිවෙස්වල නියාමනය කිරීමේ වැඩපිලිවෙලක් ද ලබන සඳුදා සිට ඇරඹෙනු ඇති .