අද රෑ ඇරඹෙන සංචරණ සීමා යනු නිරෝධායන ඇඳිරිනීතිය ට සමාන තත්ත්වයක් . වෙනස් වන ආකාරය ගැන යළිත් පැහැදිලි කෙරේ.

May 13, 2021 at 3:41 PM

අද රාත්‍රී 11 සිට ලබන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා බොහෝ විට නිරෝධායන ඇඳිරිනීතිය ට සමාන තත්ත්වයක් බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළේ ඉතා සීමිත වෙනස්කම් කීපයක් පමණක් සංචරණ සීමා වලට අදාළ බවයි.

ඒ අනුව හෙට ඔසු සැල් හැර සෙසු වෙළඳසැල් විවෘත ව තැබීමට අවසර නැත.

අත්‍යවශ්‍ය සේවා වල නිරත වන්නන් තම රාජකාරි  හැඳුනුම්පත සහිතව ගමන් කළ යුතුය.

මාර්ග ඉදිකිරීමේ ආයතන වලට පමණක් එම කටයුතු සඳහා අවසර ඇත. ඊට අදාල ද්‍රව්‍ය ප්‍රවාහනයට ද අවසර තිබේ.

BOI සහ ආනයන අපනයන කර්මාන්ත කටයුතු සිදුකළ හැකි අතර ඒ සඳහා ප්‍රවාහන කටයුතු අදාල ආයතනය මගින් සංවිධානය කළ යුතුය. ජෛව බුබුල සංකල්පය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.

මැනිං වෙළඳපොල ,පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් විවෘත වේ.

පුද්ගලයෙකු හදිසියේ රෝහල් ගතකිරීමකදී කුළීරියක් භාවිත කළ හැකි නමුත් ආපසුඑන අවස්ථාවේ එම කාරණය තහවුරු කළ යුතුය.

බස්නාහිර පළාතේ එන්නත්කරණය සිදුකිරීම සඳහා එම ස්ථානයට පමණක් යාමට පහසුකම් ඇත.

ආහාර සැපයුම් ඔන්ලයින් ඩිලිවරි ක්‍රමයට කළ හැක.

කුඹුරු හා වතු වල කෘෂිකාර්මික කටයුතුකල හැකි අතර මහාමාර්ගවල ගමන් කිරීමට අවසර නැත.

මෙම තත්ත්වය නිරීක්ෂණය සඳහා අද රාත්‍රී 10සිට පොලීසියේ 20,000ක් රාජකාරිවල යොදවා ඇත.