පෞද්ගලික වාහනයක ගමන් කරනා විට පිළිපැදිය යුතු සෞඛ්‍ය ක්‍රමවේදයන් ගැන පැහැදිලි කිරීමක්

May 12, 2021 at 6:55 PM

පෞද්ගලික වාහනවල ගමන් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. ඩී. කොග්ගලගේ නිව්ස්වයර් වෙබ් අඩවිය වෙත පැවසුවේ එකම පවුලේ සාමාජිකයන් එකට ගමන් කරන විට වාහනය තුළ මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවයි.

වාහනය තුළ මුහුණු ආවරණ පැළඳිය යුත්තේ විවිධ පවුල්වල සාමාජිකයන් හෝ පෞද්ගලික වාහනයක නොදන්නා මගීන් දෙදෙනෙකු පමණක් ගමන් කරනා විටයි ඔහු තවදුරටත් පැහැදිලි කළේ.

තම පවුලේ පෞද්ගලික වාහනයක ගමන් කරන එකම පවුලේ සාමාජිකයින් වාහනය තුළ මුහුණු ආවරණ පැළඳිය යුතු බව පුවත්පතක පළවීමෙන් අනතුරුව වෛද්‍ය කොග්ගලගේ මෙම පැහැදිලි කිරීම සිදුකර සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් රියදුරු හැර මගීන් දෙදෙනෙකුට පමණක් වාහනයේ ගමන් කරන ලෙස උපදෙස් දී තිබේ.