ඉදිරි දින 20 සම්බන්ධයෙන් ගත් තීරණ : පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

May 11, 2021 at 4:46 PM

අද දිනයේ සිට මැයි මස 31 වෙනිදා දක්වා කාල සීමාව දක්වා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග සියලුම පළාත් මායිම් ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළාත් මායම් අසල පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යොදවා මාර්ග බාධක යෙදෙවේ.

සියලු විනෝද ගමන, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සහ වෙනත් පළාතක සිටින ඥාතින් බැලීමට යෑම අද සිට ලබන 31 වෙනිදා දක්වා තහනම් කළ බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙනත් පළාතක සිට පැමිණෙන කිසිදු අයෙකුට හෝටලයක නවාතැන් ලබා නොදෙන ලෙසටද හෝටල් හිමියන්ට දැනුවත් කරන බව කියා සිටියා.