පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ නවතම ඒකකය(VIDEO)

May 10, 2021 at 9:03 AM

ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බලකාය වෙත “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුතුව එම බලකාය පිහිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට ඉදිරියේ දී නව ඒකකයේ සහය ලබා ගැනීමට නියමිතය.

දියමත විශේෂ මෙහෙයුම් ඒකකය සඳහා බෝට්ටු පුහුණුව ද ලබා දී ඇති අතර මේ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය හා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ සහයත් ලබා දී ඇත.