ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල වැරැද්දක් සිදුකරනවා – හරීන් කියයි

May 10, 2021 at 2:07 PM

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න ඉවත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ වැරැද්දක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමෙන් මෙන්ම එහි නායකත්වයෙන් ද ඉවත් කර ඇති බවයි ‍හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ.

ක්‍රීඩකයින් මෙන්ම තරගය ද එකට තබා ගැනීමට කණ්ඩායමට නැංගුරමක් අවශ්‍ය බවයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු වන රසල් ආර්නොල්ඩ් බංග්ලාදේශයේ තරග සංචාරය සඳහා නම් කළ සංචිතය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ වෙනස්ම අදහසක්.

රසල් ආර්නල්ඩ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තේරීම් කමිටුවේ නව සංචිතය සම්බන්ධයෙන් තමන් කැමැත්තක් දක්වන බවයි.