දිස්ත්‍රික් කිහිපයකට ඖෂධ ඇනවුම් නිවසට ලබා දීමේ වැඩපිළිවලක් : දුරකථන අංක කිහිපයක් හඳුන්වාදෙයි

May 10, 2021 at 11:01 AM

හඳුනාගත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට අවශ්‍ය ඖෂධ ඇනවුම් කර නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටිනවා.

ඒ සදහා දුරකතන අංක කිහිපයක් ද හදුන්වාදී තිබෙනවා. කොළඹ 01 ජනතාවට 070 1 90 27 40 යන අංකයෙන් ද, කොළඹ 04 ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 41 සහ කොළඹ 07 ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 42 අංකය ඇමතීමෙන් ද ඖෂධ ඇනවුම් කළ හැකියි.

ඖෂධ ඇණවුම් කිරීමට ගම්පහ ප්‍රදේශයේ ජනතාව ඇමතිය යුත්තේ 070 1 90 27 73 දුරකතනය අංකයටයි. ඊට අමතරව මහනුවර ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 37 අංකයෙන් ද, පේරාදෙණිය ප්‍රදේශයේ ජනතාව 070 1 90 27 39 අංකයට සහ කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව 070 1 71 83 18 අංකය ද අමතා ඖෂධ ඇණවුම් කළ හැකි බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පැවසුවේ.