එන්නත හදිසියේම ගත් හේතුව හරීන් කියයි .

May 9, 2021 at 5:51 PM

රටේ සියළු දෙනා එන්නත්කරණය කරන තෙක් තමා එන්නත්කරණය ට යොමු නොවන බව මීට පෙර පැවසූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද හදිසියේම එන්නත් ලබා ගැනීමට ගිය අතර ඒ ගැන ට්විටර් සටහනක් ද තබා ඇත.

මෙම සටහනේ දැක්වෙන්නේ ඔහු පෙබරවාරි මාසයේ දී තැබූ ට්විටර් සටහනට පිළිතුරු සටහනකි.

පෙබරවාරි මාසයේ සඳහන්කර ඇත්තේ තමා එන්නත්කරණය ට මේ මොජොතේ යොමු නොවනබවයි.

නමුත් මේ වන විට මිලියනයක් දෙනා එන්නත්කර ඇති නිසාත් , තමා හදවත් සැත්කමකින් පසු අවදානම් ජනතාවගේ කාණ්ඩයට ඇතුළත් වන නිසාත් වෛද්‍ය මතය අනුව එන්නත ලබාගන්නා බව ඔහු අද සඳහන් කර තිබේ.