පාසල් විවෘත කිරීම ගැන තීන්දුවක් ලබන සතියේ!

May 9, 2021 at 5:10 PM

පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක්
ලබන බදාදා පැවැත්වීමට අපේක්ෂා කරන බව
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් කියයි .

එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවී මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිතයි .

පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධ ව තීරණයක් ගන්නා බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය.

මේ වනවිට ත් සතියෙන් සතිය රටේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සමාලෝචනයට භාජනය කරමින් පාසල්, පෙරපාසල්, පිරිවෙන් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ අඛණ්ඩ ව සාකච්ඡා කරන බව ත් උපකාරක පන්ති සම්බන්ධ තත්ත්වය ද එය ම බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.