පාලනයෙන් ගිලිහුණු චීන රොකට්ටු කොටස ඉන්දියන් සාගරයට කඩා වැටේ

May 9, 2021 at 9:31 AM

 

දින කිහිපයක් තිස්සේ පාලනයෙන් ගිලිහී අභ්‍යාවකාශය තුළ සැරිසැරූ චීන රොකට්ටුවේ පහළ කොටස අද පෙරවරු 8.50ට පමණ ඉන්දියන් සාගරයට කඩා වැටුණු බව චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තාකරයි.

ඉන්දියන් සාගරයේ මාලදිවයින ට උතුරින් එය කඩා වැටී ඇති බව තහවුරුකර ඇත.

මේ හේතුවෙන් සුනාමි තත්ත්වයක් හට ගෙන නොමැති බව මේ වනවිට වාර්තා වේ.

දින ගණනාවක් මෙම රොකට්ටුවේ කොටස් ඇදවැටීම පිලිබඳව ලෝකයම කතාබහ කළ අතර චීන මාධ්‍ය වාර්තාවලට අනුව එහි කොටස් රැසක්ම පෘථිවි වායුගෝලයට ඇතුලුවීමේදී විනාශ වී ඇත.

අදාල රොකට්ටුව ගුවන් ගත කෙරුණේ චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත අත්‍යවශ්‍ය උපකරණ ගෙන යාමටයි.

එම ගමන සාර්ථක ව අවසන් කෙරුණු පසු ඉතිරි කොටස් මෙලෙස අභ්‍යාවකාශ යේ පාලනයෙන් ගිලිහී පා වෙමින් තිබූ අතර එය පෘථිවි වායුගොලයේ කුමන ස්ථානයකින් ඇතුලු වේදැයි අපේක්ෂා වෙන් පසුගිය දින කීපයේම