ගැබිණි මව්වරුන් ගැන විශේෂ තීරණයක් ගැනීමට යයි

May 9, 2021 at 6:07 PM

ගැබිනි මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ලබන සඳුදා වන විට මෙම තීරණය දැනුම් දීමට හැකිවනු ඇති බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.

මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වූ ගැබිණි මව්වරුන් 150 දෙනෙකු පමණ සිටින බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට කොවිඩ් මර්ධන එන්නතක් ලබා දීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ අවධානය යොමු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ.