පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය වසා දැමේ

May 9, 2021 at 3:22 PM

පිලියන්දල පොදු වෙළඳ සංකීර්ණය නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙළඳ සංකීර්ණය සහ ඒ ආශ්‍රිතව සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණවලදී පුද්ගලයින් 101 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවයි.

පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ එලෙස අහඹු පරීක්ෂණ 300 ක් පමණ සිදුකළ අතර ඒවායේ ප්‍රතිඵල අද ලැබුණු බවයි. එම ප්‍රථිපල අනුව මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.